මැද පෙරදිග ම්ලේච්ඡ යුද්ධයේ වසරක ශේෂ පත්‍රය
(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 11) වසරකට පෙර හමාස් සංවිධානය ඊශ්‍රායලය ආක්‍රමණය කරමින් ඊශ්‍රායල් වාසීන් 1,200 ක් මරා දමා තවත් 250 ක් ප්‍රාණ ඇපයට ගනිමින් ආරම්භ වූ ගාසා යුද්ධය මැදපෙරදිග පුරා පැතිරී ඊශ්‍රායලය ඉරානය සමඟ යුද්ධයක අද්දරට ඇද දමා තිබේ.
මැද පෙරදිග ලෙයින් නහවන, මේ ම්ලේච්ඡ යුද්ධයේ, වසරක ශේෂ පත්‍රයේ ලෙස මරණ සහ අඳෝනා හැර කිසිවකු හෝ දිනූ කිසිවක්ම ඇත්තේ නැත.
2023 ඔක්තෝබර් 7 වැනිදා සිට අවම වශයෙන් පලස්තීනුවන් 41,788ක් මිය ගොස් 96,794ක් තුවාල ලබා ඇති බව රොයිටර් වාර්තා කොට තිබෙනවා. වසර පුරා ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනන් ජාතිකයන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් මිලියන 1.2කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව ද වාර්තා වෙනවා.
මේ ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට අද දක්වා සිදු වූ ප්‍රධාන සිදුවීම වල සාරාංශයක්.
2023 ඔක්තෝබර් 7: හමාස් සංවිධානය ඊශ්‍රායලය ආක්‍රමණය කිරීම. මරණ 1200. ප්‍රාණ ඇපකරුවන් 250.
ඔක්තෝබර් 8: ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කිරීම.
නොවැම්බර් 24: පළමු සටන් විරාමය.
නොවැම්බර් 30: සටන් විරාමය අවසන්.
2024 ජනවාරි 2: බේරූට් වෙත එල්ල කළ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායක සලේ අල්-අරෝරි ඝාතනය.
අප්‍රේල් 1: ඊශ්රායලය සිරියාවේ ඩමස්කස්හි ඉරාන කොන්සල් කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් දියත් කිරීම.
අප්‍රේල් 13: ඉරානය ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම.
මැයි 5: දකුණු ගාසා තීරයේ රෆා ආසන්නයේදී හමාස් රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනෙකු මිය යාම.
ජුලි 27: හිස්බුල්ලා ගෝලාන් කඳුකරයේ පාපන්දු පිටියකට එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ළමුන් 12ක් ඝාතනය කිරීම.
ජුලි 30: බේරූට් අසල ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා උපදේශකයෙකු වූ හිස්බුල්ලා කමාන්ඩර් ෆුවාඩ් ෂුක්ර් සහ සිවිල් වැසියන් පස් දෙනෙක් මිය යාම.
ජුලි 31: ඉරානයේ ටෙහෙරාන් හි පිපිරීමකින් හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ මිය යාම.
අගෝස්තු 17: ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ ගබඩාවකට බෝම්බ හෙලීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය යාම.
අගෝස්තු 25: හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් සිය ගණනක් එල්ල කළ පසු ඊශ්‍රායලය දකුණු ලෙබනනයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම.
සැප්තැම්බර් 18: හිස්බුල්ලා පේජර් සහ වෝකි ටෝකි පුපුරුවා හැරීම.
සැප්තැම්බර් 20: ඊශ්‍රායලය බේරූට් හි ගුවන් ප්‍රහාරයක් දියත් කරන අතර, හිස්බුල්ලාහි ඉහළම අණදෙන නිලධාරියෙකු වූ ඊබ්‍රාහිම් අකිල් ඝාතනය කිරීම.
සැප්තැම්බර් 25: එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ දින 21ක සටන් විරාමයක් ඉල්ලා සිටීම.
සැප්තැම්බර් 27: ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීම.
සැප්තැම්බර් 30: ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් දකුණු ලෙබනනයේ ගොඩබිම් ආක්‍රමණය ආරම්භ කිරීම.
ඔක්තෝබර් 1: ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරය.
[මෙම පුවත වීඩියෝවක් ලෙස නරඹන්න►]

Comments
Post a Comment