ඇල්පිටියත් - සුබ නැකතට - අද අනුරට!
(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 26) ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පැවැත්වූ ඡන්ද විමසීමෙහි සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව, ජාතික ජන බලවේගය එම මැතිවරණයෙන් ජය ලබා තිබෙනවා. 55,643ක් වූ මුළු ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවෙන් 17,295 ලබා ගත් ජාතික ජන බලවේගය සමස්ත සභිකයින් සංඛ්‍යාව වූ 28න් සභිකයින් 15 දෙනෙකු පත් කොට යැවීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට පූර්වගාමීව පැවති එක්තරා අන්දමක පෙරහුරුවක් බඳු වූ මේ මැතිවරණ ප්‍රතිඵලය, ජනාධිපතිවරණයේදී ලැබූ ප්‍රතිඵලය යළි තහවුරු කිරීමක් ලෙස සැලකීමට හැකියි.
මෙන්න එම සමස්ත ඡන්ද ප්‍රතිඵලය.
ජාතික ජන බලවේගය- ඡන්ද 17,295 - සභික සංඛ්‍යාව - 15
සමගි ජන බලවේගය- ඡන්ද 7,924 - සභික සංඛ්‍යාව - 6
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 3,597 ඡන්ද - සභික සංඛ්‍යාව - 3
පොදුජන එක්සත් පෙරමුණ- ඡන්ද2,612 - සභික සංඛ්‍යාව - 2
ස්වාධීන කණ්ඩායම- ඡන්ද 2,568 - සභික සංඛ්‍යාව - 2
පොදුජන එක්සත් නිදහස් සන්ධානය- ඡන්ද 1,350 - සභික සංඛ්‍යාව - 1
ජාතික ජනතා පක්ෂය- ඡන්ද 521 - සභික සංඛ්‍යාව - 1
දෙවන පරපුර- ඡන්ද 388 - සභික සංඛ්‍යාව - 0
ජනසෙත පෙරමුණ- ඡන්ද 50 - සභික සංඛ්‍යාව - 0

Comments
Post a Comment