ශ්‍රී ලංකා පිල සහභාගී වූ පළමු තරඟය පරාජය වෙයි!


(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 09) 2024 අයිසීසී කාන්තා ටී20 ක්‍රිකට් ශූරතාවයේ ශ්‍රී ලංකා පිල සහභාගී වූ පළමු තරඟය පරාජය වී තිබෙනවා. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සාජාහිදී පැවති  එම තරඟයේ කාසියේ වාසිය ලැබූ පාකිස්ථානය, මුලින්ම පන්දුවට පහර දී, තම ඕවර 20 දී ලකුණු 116ක් ලබා ගත්තා.

එම ඉලක්කය හඹා ගිය චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට  කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85ක් පමණයි.

තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය ඔක් 5 වන සෙනසුරාදා පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින්.


[මෙම පුවත වීඩියෝවක් ලෙස නරඹන්න►]


Comments