දියවන්නා යන්නට සැරසෙන කලා ලොවේ නමගිය අය


(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 12) කලාකරුවන් දේශපාලනයට එක් වීම අපේ රටට අලුත් දෙයක් නෙමේ. විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය වැනි කලාකරුවන් මෙහිදි අපේ මතකයට නැගෙනවා. මෙවර මහ මැතිවරණයටත් විවිධ පක්ෂ වල අපේක්ෂක ලැයිස්තු වලින් කලාකරුවන්, සාහිත්‍යවේදීන් කිහිප දෙනෙකුම ඉදිරිපත් වී තිබෙනවා. මෙන්න එම ලැයිස්තුව.

රන්ජන් රාමනායක | එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ | ගම්පහ
කමල් අද්දර ආරච්චි | දෙවැනි පරපුර | ත්‍රිකුණාමලය
ජගත් මනුවර්ණ | ජාතික ජන බලවේගය |  මහනුවර
ජෙහාන් අප්පුහාමි | ජන අරගල සන්ධානය | පුත්තලම
ගීතා කුමාරසිංහ | සමගි ජන බලවේගය | ගාල්ල
අනූෂා දමයන්ති | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | ජාතික ලැයිස්තුව
චමිලා පීරිස් | ජාතික ජන බලවේගය | ජාතික ලැයිස්තුව
එම්. ඒ. හනීෆා (ශෂී විජේන්ද්‍ර ) | ජාතික ජන බලවේගය | මාතලේ
කීර්ති වැලිසරගේ | ජාතික ජන බලවේගය | ජාතික ලැයිස්තුව
විමල් කැටිපෙආරච්චි | ජාතික ජන බලවේගය | කොළඹ
උපුල් කුමරප්පෙරුම | ජාතික ජන බලවේගය | මාතර
හිනිදුම සුනිල් සෙනවි | ජාතික ජන බලවේගය | රත්නපුර
ජයන්ත කැටගොඩ | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | ජාතික ලැයිස්තුව

දමිතා අබේරත්න සමගි ජන බලවේගයෙන් රත්නපුරයට තරඟ වදින බව මුලින් ප්‍රකාශ කළත්, අවසන් මොහොතේ ඇයට නාම යෝජනා ලැබුණේ නැහැ. ජනාධිපතිවරණය වෙනුවෙන් මාලිමා වේදිකාවේ දක්නට ලැබුණු කලාකරුවන් වන රොඩ්නි වර්ණකුල, සෞම්‍ය ලියනගේ, කළණ ගුණසේකර, මහින්ද පතිරගේ, නිපුණි ශාරදා, නදී කම්මැල්ලවීර, රත්න ශ්‍රී විජේසිංහ වැනි අය මැතිවරණයට ඉදිරිපත් වී නැහැ.


[මෙම පුවත වීඩියෝවක් ලෙස නරඹන්න►]


Comments