කමලා හැරිස් ආ මග ගැන කෙටි හැරී බැලීමක්

(Bනිව්ස්, 2024 නොවැම්බර් 05) "මේ තරඟය පක්ෂ දෙකක් හෝ අපේක්ෂකයින් දෙදෙනෙක් අතර තරඟයකට එහා යන දෙයක්. එය සෑම ඇමරිකානුවෙකුටම නිදහසේ ජීවත් විය හැකි රටක් අපට ඉතිරිවේද නොඑසේනම්, අවුල් සහගත භේද බින්න වූ රටක් අපට ඉතිරි වේද යන්න සම්බන්ධ ගැටළුවක්." ට්‍රම්ප්ට එරෙහි මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් පණිවුඩය ලෙස කමලා හැරිස් ඇමරිකානුවන්ට එසේ කියනවා.

තව පැය ගණනකින්, කිසිදු දිනෙක කාන්තාවක් ජනාධිපති පුටුවට නොයැවූ නින්දා සහගත ඇමරිකානු ඉතිහාසය වෙනස් වෙයිද? ජනාධිපතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත්, ට්‍රම්ප් සමග කරට කර තරඟයක නියැලෙන කමලා හැරිස් දැනටමත් ඇමරිකානු ඉතිහාසය අලුත් කර හමාරයි.

කවුද මේ හැරිස්? මේ ඇය ආ මග ගැන කෙටි හැරී බැලීමක්.

කමලා දේවි හැරිස්, 1964දී උපන්නේ කැලිෆෝනියාවේදී ඕක්ලන්ඩ්වල දී. ඇයගෙ දෙමව්පියන් ඇමරිකාවට සංක්‍රමණය වුන අය. අම්මා ඉන්දියානු ජාතික කාන්තාවක්. පියා ජැමෙයිකානුවෙක්. මේ දෙමුහුන් සංස්කෘතික පසුබිමේ වැඩුණු කමලා ජීවිතය පටන් ගන්නේ නීතීඥවරියක් විදිහට. ඇය 2010 දී කැලිෆෝනියාවේ නීතිපති තනතුරට පත් වෙනවා. පසුව දේශපාලනයට පිවිසෙන කමලා 2017දී,  එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත් වෙනවා. මේ ගමනේ ප්‍රතිඵලයක් විදිහට, කමලා 2021දී ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා යටතේ ඇමරිකානු උප ජනාධිපති ධූරයට පත් වෙනවා. උප ජනාධිපති ධූරයට පත් වුන පළමු ඇමරිකානු කාන්තාව වගේම එම තනතුරට පත් වුන පළමු කළු ජාතික සහ දකුණු ආසියානු මූලයක් සහිත පුද්ගලයා ද ඇයයි.


[මෙම පුවත වීඩියෝවක් ලෙස නරඹන්න►]


Comments